හරි අද අපි බලමු බ්ලොග් එකක් හදන්නේ කොහොමද කියලා.. මම දැන් කියන්න යන්නේ බ්ලොග් වර්ග ගැනයි , ආකර්ෂණිය බ්ලොග් එකක් හදාගන්නේ කොහොමද කියලා.. මේ තියෙන්නේ ජනප්‍රිය බ්ලොග් platforms කිහිපයක්..

Blogger
wordpress.com
wordpress (Self Host)
Live
Typepad ..

මම උඩ කියපු එවායින් Blogger ගැනයි Wordpress ගැනයි තමා කියන්න යන්නේ..
මුලින් තිරණය කරන්න මොන platform එකද සහ බ්ලොග් එකට හොද නමක්..
මම නම් කියන්නේ බ්ලොගර් හරි වර්ඩ්ප්‍රෙස් හරි භාවිතා කලොත් හොදයි,පහසුයි. බ්ලොග් ගැන මොකුත්ම දන්නේ නැති අයට පුලුවන් WordPress.com හරි Blogger.com හරි භාවිතා කරලා ඉගෙන ගන්න.. මොකද එවා නොමිලේ ලබාදෙන සේවාවන් නිසා.. එත් ඔයාලා ඔයාගේ බ්ලොග් එකක් හදන්නේ මුදල් හොයන පරමාර්ථයෙන් නම් ඔයාගෙම කියලා ඩොමෙන් එකක් සහ හොස්ටින් ප්ලැන් එකක් අරගන්නවා නම් හොදයි.. මොකද සමහරක් විට මෙමගින් මුදල් ඉපැයිම සීමා සහිතයි.. එ නිසා තමා ගොඩාක් බ්ලොග් ලියන අය තමන්ගෙම කියලා ඩොමෙන් එකක් සහ හොස්ටින් ප්ලැන් එකක් ගන්නේ.. මොකද එතකොට තමන්ට අවශ්‍ය විදියට බ්ලොග් එක පාලනය කරන්න පුලුවන් නිසා..

Blogger.com

ඔයාට ගුගුල් එකවුන්ට් එකක් නැත්නම් Sign in ගිහින් එකවුන්ට් එකක් හදා ගන්න... ඊට පස්සෙ ලොග් වෙලා බ්ලොග් එක හදා ගන්න.. බ්ලොග් එක කළමණාකරනය කර ගන්න ඩැෂ්බොඩ් එකට ගියට පස්සේ Layout වලට යන්න..

 Wordpress (self Host)


ඔයාලට පුලුවන් wordpress.com උනත් භාවිතා කරන්න.. එත් එක ප්ලගින් වලට සහය දක්වන්නේ නැ.. එ නිසා මම එ ගැන කිiයන්න යන්නේ නැ.. මම කියන්න යන්නේ wordpress තමන්ගෙම හොස්ට් එකකට ස්ථාපනය කරගන්න හැටි.. මුලින්ම මෙකට හොස්ට් එකක් සහ ඩොමෙන් එකක් මිලදී ගන්න ඔනේ.. ඔයාට හොස්ට් එකක් මිලදි ගන්න සල්ලි නැත්නම් ඔයාට පුලුවන්
x10 hosting.com
000webhost.com
loomhost.com වගේ නොමිලේ සේවය ලබාදෙන හොස්ටින් එකක් ලබා ගන්න .

එ වගෙම තමා ඔයාට ඩොමෙන් එකක් මිලදි ගන්න සල්ලි නැත්නම් ඔයාට පුලුවන්
co.cc
dot.tk
වගේ නොමිලේ සේවය ලබාදෙන ඩොමෙන් එකක් ලබා ගන්න .

එ වගේම තමා ඔයාලා නොමිලේ සේවාවක් ලබා ගන්නවා නම් x10 hosting.com හරි 000webhost.com හරි භාවිතා කරන්න. මොකද ඔය ඩොමෙන් එක හොස්ට් එකත් එක්ක සම්බන්ධ කරන්න ලෙසියි එතකොට..

ස්ථාපනය කරන්නේ කොහොමද.?

මෙක එච්චර අමාරු නැ.
මුලින්ම හොස්ටින්ග් එකට ලොග් වෙන්න ඊට පස්සේ පහල රූපයේ අකාරයට වර්ඩ්ප්‍රෙස් සලකුණ උඩ ක්ලික් කරන්න..


ඊට පස්සේ ඔයාගේ විස්තර ඇතුලත් කරන්න.. එවගේම තමා ඔයාට සිංහලේ වර්ඩ්ප්‍රෙස් එක ස්ථාපනය කර ගන්න ඔනේ නම් wordpress.org එකට ගිහින් ඩවුන්ලෝඩ් කරගෙන හොස්ටින් එකට අප්ලෝඩ් කරලා ඔයාගේ තොරතුරු ඇතුලත් කරන්න..
ඉදිරි පොස්ට් එකකින් මම කියලා දෙන්නම් ඩොමෙන් එක හොස්ට් එකත් එක්ක සම්බන්ධ කරන්නේ කොහොමද කියලා..
පියවරෙන් පියවර අනිත්වත් මම කියලා දෙන්නම්..
ඔයාලා දන්නවනේ ඉංග්‍රිසි වලිනුයි සිංහල යන දෙවිදියටම බ්ලොග් එකක් ලියන එක ටිකක් අමාරුයි කියලා..
ඉතින් මෙ ලිපිය ප්‍රයෝජනයක් උනා නම් විනාඩියක් වැය කරලා කොමෙන්ට් එකක් ලයික් එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ..
යාළුවන්ටත් බලා ගන්න Share කරන්න..
ගැටලුවක් තියෙනවා නම් එකත් Comment කරන්න..
එහෙනම් අයෙත් ලිපියකින් හමු වෙනකල් සුබ දවසක්.. ස්තුතියි.. bye



අපගේ වෙනත් සේවාවන්...

3 අදහස්:


  1. Blogger Tricks and Tips. Read More....

    ReplyDelete
    Replies
    1. techinsiderr.blogspot.com yehhh

      Delete
  2. Ela kiri kolla thawa oyagena danna karunu danna..godaak wadagath

    ReplyDelete




 
ටෙච් නිව්ස් © 2013. All Rights Reserved. Powered by Blogger
Top