මොකක්ද මේ හරුපේ.?
ඔයාලා බලයි මොකක්ද මෙ කියලා.. හරි අපි කතාවට බහිමු.. සමහරු ඉන්නවා නේද ඊමේල් ගිණුමට ලොග් වෙලා ඊමේල් බලන්න අකමැති අය.? මොකද රටේ නැති ඊමේල් ඔක්කොම පිරෙන්නෙ ඔය කියන පෙට්ටියටනේ.. :D නේහ්.. මෙක ඊමේල් බලන්නවත් වෙලවක් නැති කාර්‍යබහුල අයටත් ගොඩක් ප්‍රයොජනවත් වෙයි කියල හිතුන නිසයි මෙ ගැන කියන්න හිතුනෙ.. කියොනවා වැඩියි වගේ නෙහ්..? 

එහෙනම් ඔන්න වැඩෙ පටන් ගමු, ඊට කලින් පොඩි විස්තරයක් කරන්නම් මෙ ගැන.මෙකෙන් කෙරෙන්නෙ ඔයගේ ඊමේල් ගිණුමට අලුත් ඊමේල් එකක් ආව ගමන් එ ගැන කෙටි පණිවිඩ්යක් ඔයාගේ ජංගම දුරකතනයට එනව.. (ඊමේල් එකක් ආව ගමන් කිව්වට චුට්ට වෙලාවක් යයි.. :D ) 

හරි එහෙනම්  අපි බලමු කොහොමද කරන්නේ කියලා... මුලින්ම  http://IFTTT.com ලිපිනයට ගිහින් අලුත් ගිණුමක් හදා ගන්න..දැන්  IFTTT ට ලොග් වෙන්න.. 

විද්‍යුත් තැපැල් ලිපිනය සක්‍රිය කරගැනීම..

පියවර අංක 1
  මුලින්ම ඔබ විද්‍යුත් තැපැල් ලිපිනය සක්‍රිය කර ගතයුතුය.. එ සඳහා https://ifttt.com/email වෙත පිවිස Edit Channel මත ක්ලික් කරන්න.(පහත රූපයේ ආකාරයට)


පියවර අංක 2
   පසුව මේ ආකරයට දිස් වේ..
දැන් ඔයාගේ ඊමේල් ලිපිනය  සටහන් කර Send PIN මත ක්ලික් කරන්න.. 
දැන් දුවල ගිහින් ඊමේල් චෙක් කරන්න. බලලා  එවලා තියෙන රහස්‍ය අංකය පහත රූපයේ පරිදි ඇතුලත් කර Activate මත ක්ලික් කරන්න..


කෙටි පණිවුඩ සේවාව සක්‍රිය කරගැනීම 

පියවර අංක 1
   මුලින්ම ඔබ කෙටි පණිවුඩ සේවාව සක්‍රිය කර ගතයුතුය.. ඒ සඳහා  https://ifttt.com/sms වෙත පිවිස Activate මත ක්ලික් කරන්න.(පහත රූපයේ ආකාරයට)

ඉන් පසු පහත රූපයේ ආකාරයට දුරකතන අංකය ඇතුලත් කර  Send PIN මත ක්ලික් කරන්න...

මතක ඇතුව 0094 මුලින් ඇතුලත් කරලා ඊට පස්සේ අංකය ඇතුලත් කරන්න..
උදා:
009477xxxxxxx - ඩයලොග්
009471xxxxxxx - මොබිටෙල්
009472xxxxxxx - එටිසලාට්
009475xxxxxxx - එයාටෙල්




පියවර අංක 02
   ඉන්පසු ඔබගේ දුරකතනයට පැමිනි PIN අංකය පහත රූපයේ පරිදි ඇතුලත් කර Activate මත ක්ලික් කරන්න..


අවසන් පියවර

දැන් https://ifttt.com/recipes/36185 වෙත ගියපසු පහත ආකාරයට දිස් වේ...

මෙම පියවරෙදි ඔබට කෙටි පණිවුඩය අවශ්‍ය පරිදි සකසා ගත හැක.  Select Ingredients යන drop down menu හි ක්ලික් කිරීමෙන් ඔබට රිසි පරිදි සකසා ගත.. අවසානයේ Use Recipe මත ක්ලික් කරන්න..

ඔන්න වැඩේ හලි... :D

මුලික තොරතුරු සහ ඡායරූප ලබාගත්තෙ : http://www.sanjaya-ranasinghe.com..
ලිපිය ලිව්වෙ නම් මමම තමා...
ලිපිය හොද නම් යාළුවන්ටත් බලාගන්න Share කරන්න... Follow  පාරක් දාලා Comment එකකුත් දාන්න අමතක කරන්න එපා... එක මට ලොකු ශක්තියක්... ස්තුතියි...

0 අදහස්:

Post a Comment




 
ටෙච් නිව්ස් © 2013. All Rights Reserved. Powered by Blogger
Top