හෆොයි ඔන්න මම උදෙන්ම ඇහැරුනා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නගේ කතාව කියන්න... hehe හැබැයි මෙ ගැන දන්න අයත් ඇති.. එත් නොදන්න අයත් ඇති කියලා හිතුන නිසයි මේ ගැන දාන්න හිතුනෙ.. දන්න දෙයක් අනිත් අය එක්ක බෙදා ගන්න එක හොද පුරුද්දක්ලුනේ.. wink ඉතින් මෙක ගොඩාක්ම වැදගත් වෙන්නේ නම් බ්ලොග් කෙරුවාව කරන අපෙ සහොදර සහොදරියන්ට තමා.. හැබැයි අනිත් අයටත් වැදගත් දැන ගෙන ඉන්න එක... ඔයලාගේ බ්ලොග් එකෙ නමින් FB Fan Page පොජ්ජක් තියෙනවා නේද.? ට්විටර් එකෙත් ඇතිනේ ගිණුම් පොජ්ජක්.. එහෙනම් අපි ඒ 2ක එකට මංද කොලමු.. hehe

ඒ කිව්වේ.?

ඒ කිව්වේ ඔයා FB Fan Page එකේ ඔයගේ බ්ලොග් එකෙ ලිපියක ලින්ක් (LINK) එකක් පොස්ට් කරපු ගමන් එක ඉබේම (Automatically) Twitter එකේත් වැටෙනවා. මරු නෙහ්.. හොව් හොව් එ විතරක් නෙමේයි... කවුරු හරි ඔයාගේ ට්විටර් ගිනුම FOLLOW කරලා තියේනවා නම් එ කෙනා Mobile Notification ON කරලා නම්, එයගෙ දුරකථනයට කෙලින්ම කෙටි පණිවුඩයක් යනවා අහවල් බ්ලොග් එකෙ අහවල් පොස්ට් එකක් දාලා කියලා.. කොහොමද වැඩේ..? wow ඔන්න ඔකට තම එක ගලෙන් කුරුල්ලෝ 2යි කිව්වේ...

කොහොමද ඉතින් මෙක කරන්නේ.?

එච්චර ලොකු වැඩක් නෙමෙයි ජුන්ඩි ජිල්මාට් එකක්.. මම මුලින් ලිපියකින් කියා දුන්නානේ IFTTT එක ගැන.. එ නිසා මම ඒ ගැන ආයේ විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැ. එක බැලුවෙ නැත්නම් බලන්න. පරිගණකයෙන් ඊමේල් බලපු කාලේ ගියා ඈ..

එහෙනම් වැඩෙට බහිමු.. එහෙනම් හා හා පුරා කියලා දකුනූ කකුල පෙරට තියලා IFTTT.කොම් එකට ලොග් වෙන්නකො.. හරි මෙකෙදිත් අපිට චැනල් 2ක් සක්‍රිය (active) කරගන්න ඔනි.. එහෙනම් මුලින්ම මෙ මමම හදපු Recipe එකට යන්නකො ( shy ) https://ifttt.com/recipes/60772

Activate FB Twitter Channels

හරි දැන් පහත පරිදි මුලින්ම Facebook Page චැනල් එක ඇක්ටිව් කරගමු..

Activate කියන එක ක්ලික් කොලන්නකො බලන්ට එහෙනම්.. දැන් මතු වෙන වින්ඩොව් එකෙන් About This App කියන එකට යටින් නිල් වර්ණයෙන් දක්වා ඇති තැන Public ලෙස තිබිය යුතුය.. (මට එක වෙනස් කරන්න මතක බැරි උනා.. :P ) ඊට පස්සේ උඩින්ම රතු වර්ණයෙන් සලකුනු කරලා තියෙන Log In With Facebook මත ක්ලික් කරන්න.. (පහත රූපයෙ ඇති ආකාරයට..)


දැන් මතු වෙන වින්ඩොවෙදි පහත දක්වා ඇති ආකාරයට Allow යනුවෙන් ලබා දෙන්න..


ඉන් පසුව ඔබට අවශ්‍ය FB Fan Page පහත රූපයෙ අංක 1 දක්වා ඇති ආකාරයට තොරා Update මත ක්ලික් කරන්න..


මතක තබා ගන්න :
ඔබගේ ගිණුම යටතේ FB Page 1ක් පමණක් තිබුනහොත් මෙම පියවර අවශ්‍ය නොවෙන්නට ඉඩ ඇත..

ඉන් පසු සක්‍රිය කිරිම නිවරැදිව සිදු වු බව පහත රූපයෙ පරිදි ඔබට දැක ගත හැක..

දැන් ට්විටර් චැනල් එක ඇක්ටිව් කරගමු.. Activate කියන එක ක්ලික් කරන්නකො පලමු රුපයේ ආකාරයට..
දැන් පහත රූපයෙ පරිදි Authorize app මත ක්ලික් කරන්න..

ඉන් පසු සක්‍රිය කිරිම නිවරැදිව සිදු වු බව පහත රූපයෙ පරිදි ඔබට දැක ගත හැක..


අවසන් පියවර
දැන් පහත රුපයෙ ඊතලයෙන් දක්වා ඇති ආකාරයට Select an Ingredient මත ක්ලික් කර ට්විටර් ගිනුමේ ට්විට් විය යුතු ආකාරය ඔබට රිසි සේ සකසා ගත හැක.. පසුව Use Recipe මත ක්ලික් කරන්න.. ඔන්න ඔහොමයි පොජ්ජවල් 2ක් මංද කොරන්නේ....hehe


මතක තබා ගත යුතුයි :
ඔබගෙ බ්ලොග් කියවන්නන්ට කියන්න තියෙන්නේ මගේ බ්ලොග් එකෙ ආකාරයට ෆලො කරන්න කියන එක විතරයි.. එසැනින් පුවත් වගේ බ්ලොග් පොස්ට් කෙලින්ම ඇවිත් නවතින්නෙ ජංගම දුරකතනයේ.. :D
උදා : SMS එකක FOLLOW @technewszzz යනුවෙන් සටහන් කර 40404 ට යවා එසැනින් බ්ලොග් පුවත් ඔබේ දුරකතනයට ලබාගන්න.. hehe
*යවන පලමු පණිවුඩයට පමණක් රුපියල් 2ක් වැය වේ. ඉන් පසු ඔබට ලැබේන සියලු කෙටි පණිවුඩ නොමිලේ බව කරුණාවෙන් සලකන්න... :P


එහෙනම් ආයෙම හමු වන තෙක් සුබ දවසක් කිව්වා.. Follow පාරක් දාලා හොද නම් යාලුවන්ටත් බලා ගන්න Share පාරක් දාලා Comment එකකුත් දාලාම යන්න. එක මට ලොකු හයියක්.. ස්තුතියි... bye

0 අදහස්:

Post a Comment




 
ටෙච් නිව්ස් © 2013. All Rights Reserved. Powered by Blogger
Top